දැන් මට ඔයා නැතුව ජීවත් වෙන්න බෑ.
ඔයා නැතුව මගේ ජීවිතේ කිසිම තේරුමක් නැති ගානයි
මම ඔයාගේ ජීවිතේ කොටසක් වුනොත්
මම මගේ ජීවිතේ ම කොටසක් වෙනවා
මොකද ඒ ඔබ තමයි
දැන් ඔබ තමයි
ජීවිතේ දැන් ඔබ තමයි
මගේ සැනසීමත් මගේ වේදනාවත්
මගේ ආදරී දැන් ඔබ තමයි
ඔයාගෙයි මගෙයි මේ බැඳීම නිසා
එක මොහොතක් වත් මට
ඔයාගෙන් දුරස් වෙලා ඉන්න බෑ
හැම මොහොතකම මම
ඔබ නිසා ජීවත් වෙනවා
මගේ කාලය ඔබ වෙනුවෙන්මයි
ඔබ නැතුව ජීවත් වෙන
එක මොහොතක් වත් සම්පූර්ණ නෑ
මගේ හුස්ම පවා ඔබේ නමයි කියන්නේ
මොකද ඒ ඔබ තමයි
දැන් ඔබ තමයි
ජීවිතේ දැන් ඔබ තමයි
.jpg)
No comments:
Post a Comment