ඔබට මම මොන තරම් ආදරෙයිද කියලා
මම දන්නේ නෑ
නමුත් මම දන්නේ
ඔබ නැතුව ජීවත් වෙන්න බෑ කියායි
මිනිසුන් වේදනා විදින බව මා අසා තිබෙනවා
මම දන්නේ නෑ ඒ වේදනාවත් එක්ක
ඔවුන් ජීවත් වෙන්නේ කොහොමද කියලා
හැම දිනයක්ම මට දැනෙන්නේ වසරක් වගේ
මොන තරම් කාලයක් මට
බලාගෙන ඉන්න වෙයිද කියලා මම දන්නේ නෑ
නමුත් මම දන්නේ
ඔබ නැතුව ජීවත් වෙන්න බෑ කියායි
ඔබ දිහා වෙන කෙනෙක් බලන විට
මට ඊර්ශ්‍යා හිතෙනවා
එවිට මම අමාරුවෙන් හිත පාලනය කර ගන්නවා
ඔබ දන්නේ නෑ
මම මොන තරම් දේවල් ඔබ වෙනුවෙන් කැප කළාද කියලා
මේ හදවත මොන තරම්
නොසන්සුනද කියලා මම දන්නේ නෑ
නමුත් මම දන්නේ
ඔබ නැතුව ජීවත් වෙන්න බෑ කියායි

No comments:
Post a Comment