Saturday, June 14, 2014

maa



මම කවදාවත් ඔයාට නොකිව්වට
මම අන්දකාරයට ගොඩක් බයයි අම්මේ
මම කවදාවත් ඔයාට නොපෙන්නුවාට
මම ඔයා ගැන හරිය‍ට හොයනවා අම්මේ

ඔයා ඒ හැම දේම දැනගෙන නේද හිටියේ අම්මා

මේ ‍මහා සෙනඟ අතර මාව අතෑරලා දාලා යන්න එපා
මට ආයෙත් ගෙදර එන්න පාර හොයා ගන්න බැරි වෙයි අම්මේ
මාව ඔයාගෙන් ඈතට යවන්න එපා
ඔයාට මාව අමතක වෙයි අම්මේ

මම එච්චරටම නරකද අම්මා

තාත්තා මාව වේගයෙන් ඔංචිලි පද්දන කොට
මම බලන්නේ ඔයා දිහායි අම්මේ
මට හිතෙන්නේ ඔයා ඇවිත්
මාව අල්ලාගනි කියලයි අම්මේ

මම ඒක තාත්තාට කියලා නෑ
ඒත්  මට බය හිතෙනවා අම්මේ
මම ඒක මූණෙන් නොපෙන්වා හිටියාට
හදවත වේගයෙන් ගැහෙනවා අම්මේ

ඔයා ඒ හැම දේම දැනගෙන හිටියා නේද අම්මා




No comments:

Post a Comment