Saturday, June 14, 2014

saans



මම හුස්ම ගන්නේ
මගේ හුස්ම හා ඔයාගේ හුස්ම හමු වූ විටයි
ඔයා මට ලංවුනහම මගේ ආත්මයටම
ඔයාගේ සුවඳ දැනෙනවා

කොච්චර කාලයක් මම ඉවසන් ඉන්නද
මගේ හදවත මට නැතිවෙලා
හදවත එක වරම නැවතත් ඔබ දෙස හැරිලා
ඔයාගේ සිතිවිලි නැතුව මම තනිවෙලා

මුළු රාත්‍රියම ඔබේ දෑත් මත ගෙවන්නට හැකි නම්
හිමිදිරියේ ආලෝකමත්ව අරුණලු වැටේවී
ඔබ මගේ දෑස් තුල ජීවත් වෙන්නේ නම්
මගේ දෑස් දීප්තියෙන් බබලාවි
මගේ දෑත් නැවතත් අල්ලාගෙන
ඒ පොරොන්දුව කියන්න

ඔබ හමුවීමෙන් මගේ නැතිවුණු හීනයක්
මට නැවතත් ලැබුනා
හරියට දිගු රාත්‍රියකින් පසු අරුණලු කැන් වැටෙනවා වගේ
දුරක ඉදන් මම අවදියෙන් ඔබ වෙත ආවේ
කාලයක් සිටම හුස්ම නොගෙන හිටියා වගේ
නැවතත් දැන් මම හුස්ම ගන්නවා

මම හුස්ම ගන්නේ
මගේ හුස්ම හා ඔයාගේ හුස්ම හමු වූ විටයි
ඔයා මට ලංවුනහම මගේ ආත්මයටම
ඔයාගේ සුවඳ දැනෙනවා






No comments:

Post a Comment