Saturday, June 14, 2014

maa



මම කවදාවත් ඔයාට නොකිව්වට
මම අන්දකාරයට ගොඩක් බයයි අම්මේ
මම කවදාවත් ඔයාට නොපෙන්නුවාට
මම ඔයා ගැන හරිය‍ට හොයනවා අම්මේ

ඔයා ඒ හැම දේම දැනගෙන නේද හිටියේ අම්මා

මේ ‍මහා සෙනඟ අතර මාව අතෑරලා දාලා යන්න එපා
මට ආයෙත් ගෙදර එන්න පාර හොයා ගන්න බැරි වෙයි අම්මේ
මාව ඔයාගෙන් ඈතට යවන්න එපා
ඔයාට මාව අමතක වෙයි අම්මේ

මම එච්චරටම නරකද අම්මා

තාත්තා මාව වේගයෙන් ඔංචිලි පද්දන කොට
මම බලන්නේ ඔයා දිහායි අම්මේ
මට හිතෙන්නේ ඔයා ඇවිත්
මාව අල්ලාගනි කියලයි අම්මේ

මම ඒක තාත්තාට කියලා නෑ
ඒත්  මට බය හිතෙනවා අම්මේ
මම ඒක මූණෙන් නොපෙන්වා හිටියාට
හදවත වේගයෙන් ගැහෙනවා අම්මේ

ඔයා ඒ හැම දේම දැනගෙන හිටියා නේද අම්මා




kal ho na ho



හැම මොහොතකම ජීවිතේ වෙනස් වෙනවා
හරියට සමහර වෙලාවට හිරුගේ ඡායාවන් වෙනස් වෙනවා වගේ
මේ මොහොතත් එක්ක හැම මොහොතකම ජීවත් වෙන්න
හෙට දිනයක් ඒවිද නැද්ද කියා නොදන්න නිසා

ඔබ හදවතින්ම ආදරය කල කෙනාව
ලබා ගැන්ම මොන තරම් අමාරුද
එහෙම කෙනෙක් මේ ලොකේ කොහේ හරි ඉදිවී
ඇව තමයි සුන්දරම කෙනා ඔබ දකින
ඔබ ඇගේ දෑතින් අල්ලා ගන්න
හෙට ඇය ඉදීවිද නැද්ද නොදන්න නිසා

ඔබේ දෑස් පියන් වල කෙනෙක් ලැඟුම් ගත්තම
ඔබේ උමතු හිත වේගයෙන් ගැහේවි
එය පරෙස්සම් කර ගන්න
මතක තබා ගන්න මෙයයි ඒ මෙ‍හොත
මේ කතාව හෙට තියේවිද නැද්ද නොදන්න නිසා





saans



මම හුස්ම ගන්නේ
මගේ හුස්ම හා ඔයාගේ හුස්ම හමු වූ විටයි
ඔයා මට ලංවුනහම මගේ ආත්මයටම
ඔයාගේ සුවඳ දැනෙනවා

කොච්චර කාලයක් මම ඉවසන් ඉන්නද
මගේ හදවත මට නැතිවෙලා
හදවත එක වරම නැවතත් ඔබ දෙස හැරිලා
ඔයාගේ සිතිවිලි නැතුව මම තනිවෙලා

මුළු රාත්‍රියම ඔබේ දෑත් මත ගෙවන්නට හැකි නම්
හිමිදිරියේ ආලෝකමත්ව අරුණලු වැටේවී
ඔබ මගේ දෑස් තුල ජීවත් වෙන්නේ නම්
මගේ දෑස් දීප්තියෙන් බබලාවි
මගේ දෑත් නැවතත් අල්ලාගෙන
ඒ පොරොන්දුව කියන්න

ඔබ හමුවීමෙන් මගේ නැතිවුණු හීනයක්
මට නැවතත් ලැබුනා
හරියට දිගු රාත්‍රියකින් පසු අරුණලු කැන් වැටෙනවා වගේ
දුරක ඉදන් මම අවදියෙන් ඔබ වෙත ආවේ
කාලයක් සිටම හුස්ම නොගෙන හිටියා වගේ
නැවතත් දැන් මම හුස්ම ගන්නවා

මම හුස්ම ගන්නේ
මගේ හුස්ම හා ඔයාගේ හුස්ම හමු වූ විටයි
ඔයා මට ලංවුනහම මගේ ආත්මයටම
ඔයාගේ සුවඳ දැනෙනවා






thum hi ho - arshiqui 2



දැන් මට ඔයා නැතුව ජීවත් වෙන්න බෑ.
ඔයා නැතුව මගේ ජීවිතේ කිසිම තේරුමක් නැති ගානයි
මම ඔයාගේ ජීවිතේ කොටසක් වුනොත්
මම මගේ ජීවිතේ ම කොටසක් වෙනවා

මොකද ඒ ඔබ තමයි
දැන් ඔබ තමයි
ජීවිතේ දැන් ඔබ තමයි

මගේ සැනසීමත් මගේ වේදනාවත්
මගේ ආදරී දැන් ඔබ තමයි

ඔයාගෙයි මගෙයි මේ බැඳීම නිසා
එක මොහොතක් වත් මට
ඔයාගෙන් දුරස් වෙලා ඉන්න බෑ

හැම මොහොතකම මම
ඔබ නිසා ජීවත් වෙනවා
මගේ කාලය ඔබ වෙනුවෙන්මයි
ඔබ නැතුව ජීවත් වෙන
එක මොහොතක් වත් සම්පූර්ණ නෑ
මගේ හුස්ම පවා ඔබේ නමයි කියන්නේ

මොකද ඒ ඔබ තමයි
දැන් ඔබ තමයි
ජීවිතේ දැන් ඔබ තමයි


hamein thumse pyar kitna





ඔබට මම ‍‍මොන තරම් ආදරෙයිද කියලා 
මම දන්නේ නෑ
නමුත් මම දන්නේ 
ඔබ නැතුව ජීවත් වෙන්න බෑ කියායි

මිනිසුන් වේදනා විදින බව මා අසා තිබෙනවා
මම දන්නේ නෑ ඒ වේදනාවත් එක්ක 
ඔවුන් ජීවත් වෙන්නේ කො‍හොමද කියලා
හැම දිනයක්ම මට දැනෙන්නේ වසරක් වගේ
මොන තරම් කාලයක් මට 
බලාගෙන ඉන්න වෙයිද කියලා මම දන්නේ නෑ
නමුත් මම දන්නේ 
ඔබ නැතුව ජීවත් වෙන්න බෑ කියායි

ඔබ දිහා වෙන කෙනෙක් බලන විට
මට ඊර්ශ්‍යා හිතෙනවා
එවිට මම අමාරුවෙන් හිත පාලනය කර ගන්නවා
ඔබ දන්නේ නෑ
මම මොන තරම් දේවල් ඔබ වෙනුවෙන් කැප කළාද කියලා
මේ හදවත මොන තරම් 
නොසන්සුනද කියලා මම දන්නේ නෑ
නමුත් මම දන්නේ 


ඔබ නැතුව ජීවත් වෙන්න බෑ කියායි